Movie
Sun, 22 Nov 2026 2:00pm
About this event
🎬 රිවර්ස්ටන් | RIVERSTONE
AN INTERNATIONALLY AWARD-WINNING SINHALA THRILLER DRAMA
නීතිය, යුක්තිය සහ මනුෂ්‍යත්වය අතර ගැටුමක සැඟවුණු සත්‍යය සොයා යන අභිරහස් සිනමා අත්දැකීමක්!
අභිරහස, නීතිය, යුක්තිය සහ මනුෂ්‍යත්වය අතර ඇතිවන ගැටුම් මැද දිගහැරෙන, ප්‍රේක්ෂකයා අවසානය දක්වාම කුතුහලයෙන් බැඳ තබන RIVERSTONE සිංහල සිනමා නිර්මාණය දැන් ඉතාලියේ Bologna නගරයේදී නැරඹීමට ඔබට අවස්ථාව!
පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් සිරකරුවෙකු රැගෙන යන ගමනක් වටා ගොඩනැඟෙන මෙම කතාව, බලය, වගකීම, හෘද සාක්ෂිය සහ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න රැසක් ප්‍රේක්ෂකයා හමුවේ තබයි.
🏆 ජාත්‍යන්තර සම්මාන හා ඇගයීම්
ශ්‍රී ලාංකික සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය RIVERSTONE චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකදීම සම්මාන සහ ඇගයීම් දිනාගෙන ඇත.
- Singapore International Film Festival – හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම රංගනය.
- Shanghai International Film Festival – හොඳම තිර රචනය සහ හොඳම කැමරාකරණය.
- Kolkata International Film Festival – Golden Royal Bengal Tiger Award.
- Fajr International Film Festival – Special Jury Award.
එමෙන්ම 99 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවේ නිල ඉදිරිපත් කිරීම ලෙසද තෝරාගෙන ඇත.
🎥 චිත්‍රපටයේ නිර්මාණකරුවන්
- අධ්‍යක්ෂණය: ලලිත් රත්නායක (Lalith Rathnayake)
- නිෂ්පාදනය: ප්‍රභාත් රොෂාන් සහ නිමන්ති පෝරගේ
- නිෂ්පාදන ආයතනය: Cinearts Films
🎟️ BOLOGNA SCREENING DETAILS
📅 දිනය: 2026 නොවැම්බර් 22 – ඉරිදා
⏰ වේලාව: ප.ව. 2.00
📍 සිනමාහල: The Space Cinema Bologna
📌 ලිපිනය: Viale Europa 5, Bologna, Italy
🎫 ONLINE TICKET BOOKING
ඔබගේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න!
🌐 Official Online Ticketing Platform
https://ceylontickets.com
📞 වැඩි විස්තර සඳහා: 352 252 7777
🇱🇰 විදේශයක සිටියත් අපේ සිංහල සිනමාවේ රසය විඳගන්න. ඉතාලියේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික සිනමා රසික ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු!
RIVERSTONE – A STORY OF MYSTERY, JUSTICE AND HUMANITY.
🎬 SEE YOU AT THE CINEMA!